අට ලෝ දහමෙන් කම්පා නොවීම
ඒ සඳහා ත්‍රිපිටකය තුළ ඇති වැදගත්ම සූත්‍ර 2 ක් ලෙස අංගුත්තර නිකායේ පඨම පණ්ණාසකයට අයත් පඨම ලෝක ධම්ම හා දුතිය ලෝක ධම්ම සූත්‍රයන් දෙක පෙන්වා දීමට පුළුවන. ඒ අනුව ලොව ජීවත් වන සියලු සත්වයනට පොදුවේ බලපාන අෂ්ඨලෝක ධර්මය ගැන කරුණු අනාවරණය වේ. බුදු පසේ බුදු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ කොටගත් ඕනෑම තරාතිරමක ජීවත් වන කෙනකුට වුවද මෙම අෂ්ඨලෝක ධර්මය පොදුවේ බලපාන බව සනාථ වේ.
පඨම ලෝක ධම්ම සූත්‍රය තුළින් අටලෝ දහම පිළිබඳ පැහැදිලි විවරණයක් කර තිබේ. එම ධර්මතා සියල්ල අනිත්‍ය ස්වභාවයෙන් යුක්තය.
ලාභෝ අලාභෝ අයසෝ යසෝච
නින්දා පසංසා ච සුඛංච දුක්ඛං,
ඒතෙ අනිච්චා මනුජේසු ධම්මා
අසස්සතා විපරිනාම ධම්මා
ලාභය, අලාභය, අයසය, යසය, නින්දාය, ප්‍රශංසාය, සුඛය, දුක්ඛය යන මේ ධර්මයෝ සත්වයන් කෙරෙහි පෙරැළෙන ස්වභාවයෙන් යුක්තය. මෙම ධර්ම අට හරියටම චක්‍රයක් මෙන් ලෝක සත්වයා වෙත සුබ, අසුබ දෙඅංශයෙන්ම විපාක දෙන්නේය. එයින් පැන යෑමට කිසිවකුටත් පුළුවන්කමක් නැත. ලාභයක් ලැබෙන තැන අලාභය ද ඇත. ඒ ආකාරයෙන් සැප ළඟ දුකද, යසස ළඟ අයස ද ප්‍රශංසාව ළඟ නින්දාව ද පවතී. එසේ වුවද සමහර අයට මෙහි යථාර්ථය අවබෝධ කර ගැනීමට අපහසුවීම හේතු කොටගෙන සිත කම්පාවට පත් කරගෙන නොයෙක් ප්‍රශ්න, ගැටලු ඇති කරගන්නවා පමණක් නොව ජීවිතය ද අහිමි කර ගන්නා අවස්ථා නැතිවාම නොවේ.
ඒතේ ච ඤත්වා සතිමා සුමේධො
අවෙක්ඛති විපරිනාම ධම්මේ
ඉට්ඨස්ස ධම්මා න මථෙන්ති චිත්තං
අනිට්ඨතො නො පටිඝාතමෙති
සිහි නුවණින් යුක්ත පණ්ඩිත තෙමේ වෙනසට බඳුන් වන මෙම අටලෝ දහම ගැන නුවණින් දැක, එතුළින් කම්පාවට පත් නොවේ. එම දහම් තුළින් පණ්ඩිතයාගේ සිත නොකැළැඹෙන අතර ඒ කෙරෙහි ඇලීමට ද ගැටීමට ද පත් නොවේ.
සියලු දෙනාටම මෙම ගුණය, එනම් අටලෝ දහමෙහි කම්පා නොවී සිටීමේ හැකියාව ඇතිකර ගැනීම අපහසු කාර්යයකි. බොහෝ දෙනා එතුළින් කම්පාවට පත් වේ. එයයි නියම ස්වභාවය වන්නේ. මොහොතකට, පසුගිය කාල වකවානුවල අප රටේ සිදුවු විපත් සිහියට නඟා ගනිමු. ගංවතුර නිසා කෝටිපතියන්, ලක්ෂපතියන් මොහොතකින් සිඟන්නන් බවට පත්විය. සුනාමිය තුළින් ද එලෙසම සිදු විය. තවද සුළි සුළං, මහ වැසි, නියය ආදී ස්වභාවික විපත් නිසා බොහෝ ධනවත්තු අලාභ ලබති. සැප ලැබූ අය දුක් වෙති. සිනා නඟන අය කදුළු සලති. එක වේලාවක කීර්ති ප්‍රශංසා ලබන අය තව මොහොතක අපහාස, අපකීර්ති ලබති. මේ ආදි වශයෙන් මේ දහම් අට චක්‍රියව ලෝක සත්වයා වෙත ළඟා වනු ඇත. අද බොහෝ දුරට මිනිසුන් සිතන්නේ සැපය, ලාභය, කීර්තිය ලබන ආකාරය ගැන පමණකි. සැපය ළඟ දුකත්, ලාභය ළඟ අලාභයත්, කීර්තිය ළඟ අපකීර්තියත් පවතින බව සිතන්නේ සීමිත පිරිසකි. සැපක් ලැබුණ තැන එයින් උදම් වී එය තමයි ජීවිතය කියා සිතන්නට වැඩි දෙනෙක් පුරුදු වී සිටිති. ඒවා ලැබෙනවාත් සමඟම එහි අනෙක් පැත්තත් ලැබෙන්නට හැකියාව ඇති බව සිතන්නේ පණ්ඩිතයන්ය. කන්දක් නැග්ගොත් පල්ලමක් ද ඇත කියා ව්‍යවහාරයෙහි කියමනක් තිබේ.
තස්සානුරොධා අථවා විරොධා
විධුපිතා අත්ථගතා න සන්ති
පදඤ්ච ඤත්වා විරජං අසෝකං
සම්මප්පජානානි භවස්ස පාරගූති
පණ්ඩිතයාගේ සිතෙහි කිසිම මොහොතක අටලෝ දම් කෙරෙහි විරෝධයක් නූපදී. ඔහු නිවැරැදි ලෙස එහි ඇති ස්වභාව දැකීමට සමර්ථ වේ. කෙලෙස් නැති කොට, ශෝක නැති කොට නිර්වාණාවබෝධය කරා යෑමට ඔහු උත්සාහ කරයි. මේ ආකාරයෙන් බලන කල අටලෝ දහම ලෝක ධර්මතාවක් බවත් අප කැමැති වුවද අකැමැති වුවද එයට මුහුණ දීමට සිදුවන බවත් පැහැදිලිය. එම දහම් අට බුදුරජාණන් වහන්සේ උදෙසා ද නොයෙක් අයුරින් බලපෑ ආකාරය බුද්ධ චරිතය අධ්‍යයනය කිරීමෙන් දැන ගත හැකිය. වේරංජාවේ වස් විසීම, චිංචි මානවිකාව බුදු රදුනට අභූත චෝදනා නඟමින් කුසෙහි දර මිටියක් බැඳගෙන ඒම, තීර්ථකයන්ගේ නොමනා හැසිරීම, දේවදත්ත තෙරුන්ගේ තර්ජන, ගර්ජන හා තාඩන, පීඩන ආදීි නොයෙක් දේ තුළින් බුදු හිමිට ද අටලෝ දහමට මුහුණ දීමට සිදු විය.
නමුදු කිසිදු තැනකදී බුදු රදුන් කම්පා වූ බවක් හෝ උදම් වූ බවක් හෝ දක්නට නොලැබේ. එය මුළු බුද්ධ චරිතය පුරාම දැකිය හැකි සුවිශේෂි කරුණකි. එය මහ රහතුන් ඇතුළු ආර්ය ශ්‍රාවකයන් තුළ ද දක්නට ලැබේ.
අටලෝ දහමෙහි කම්පා නොවී සිටීමට හැකිනම් ඔහු බුද්ධිමතෙකි, පණ්ඩිතයෙකි. ඔහුට අටලෝ දහම ජීවිතයට සවියක් මිස බාධකයක් නොවනු ඇත. කම්පා නොවී ජීවිතයක් ජයගත හැක්කේ කෙසේද? අපට මුහුණ දීමට සිදුවන්නේ අටලෝ දහමටය. ඉන් එහා කිසිවක් නැත. බුදු රජාණන් වහන්සේ ජීවිතයට හසුවන සියලු දේම (සුබ අසුබ දෙඅංශයම) සම්පිණ්ඩනය කොට අටලෝ දහම තුළින් දක්වා ඇත. අපට එම දෙඅංශයටම මුහුණ දීමට සිදු වේ. එක පැත්තක් පමණක් නොසිතිය යුතුය. අටලෝ දහමට සමානව මුහුණ දී, දෙපැත්තෙන් එක් පැත්තක හෝ අන්තයට නොවැටී සමබරව සිටිය යුතුය.
කොපමණ ගල් බොරළු තිබුණත් අතර මඟ
යායුතු තැනට යනවාමයි ගලන ගඟ
ඒ ආකාරයෙන් ජීවිතයට එළැඹෙන සියලු ප්‍රශ්න, ගැටලු, බාධක, දුක් කම්කටොලු ඉවසීමෙන් යුක්තව ජය ගත යුතුය. ඉවසීමෙන් සැනසීම ලැබේ යන්න තුළද විශාල අර්ථයක් ගැබ් වී ඇත.
ජීවිත අතහැර යෑම හෝ ජීවිතයෙන් පලා යෑම නියම බුද්ධිමත් පුද්ගලයකුගේ ස්වභාව නොවේ. එය බාල, මෝඩ පුද්ගලයන්ගේ ස්වභාවයයි. බුද්ධිමතාගේ, පණ්ඩිතයාගේ ස්වභාව වන්නේ අටලෝ දහමට සමබරව මුහුණ දී ජීවිතය ජය ගැනීමය. “මා නිවත්ත අභික්කම” නොනැවතී ඉදිරියටම යන්න. ඒ බුදු වදන ද සිත් දරාගෙන ජීවිතය ජය ගැනීමට අධිෂ්ඨාන කර ගනිමු.
කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවෙනේ ආචාර්ය
ගලගෙදර රතනවංස හිමි
....................................................................
සිත ජය ගැනීමේ මඟ
විසුද්ධි චිත්ත හිමි
අප ජීවිතයේ සිදුකරන සෑම ක්‍රියාවකදීම සිත මුල් වේ. මනැස, චිත්තය යනාදිය ‘සිත’ යන්නට සමානව පවතින වචනයන් ය. සිතක මහිමය හඳුනාගැනීමට එහි ක්‍රියාකාරිත්වය සහ ප්‍රයෝජන පිළිබඳ අධ්‍යයනය කළ යුතුව ඇත.
සෑම ආගමකම පාහේ උගන්වන්නේ දැහැමි ජීවිතයක් ගතකරන අන්දමය. මිනිසා සතුව පවතින චිත්ත ශක්තිය දියුණු කරගැනීමට හැකිවන්නේ මෙමඟින්ය. කායික, වාචසික සහ මානසික ක්‍රියාවන් සිදුකෙරෙන්නේ සිතෙහි මෙහෙයවීමෙනි. සිත, කය සහ වචනය යන්න බුදු දහමෙහි හඳුන්වන්නේ තිදොර යනුවෙනි. හොඳ ක්‍රියා සිදුකිරීමට අප නිතරම උත්සාහවන්ත විය යුතුය.
බුද්ධිමත් තැනැත්තා තමන්ටත් අනුන්ටත් වැඩදායක වන හොඳ ක්‍රියාවන් ටිකෙන් ටික නමුත් සිදු කර තම ජීවිතය අර්ථාන්විත කර ගනියි. ධම්මපදයේ ගාථාවක මෙය උපමාවකින් මෙසේ දක්වා ඇත. කළයක් දිය බිංදු ගණනාවකින් එහි කට ළඟමට, එනම් සම්පූර්ණයෙන්ම පිරවිය හැකිවන්නා සේ අවස්ථාව ලදවිට ස්ථානෝචිත ලෙස ටිකෙන් ටික වුවද හොඳ ක්‍රියාවන් සිදු කිරීමට අප කවුරුත් උත්සුක විය යුතුය.
සෑම විටම යහපත් කටයුතු සිදුකිරීමට අපට ශක්තිය ලැබෙන්නේ සිත පිරිසුදුව පවත්වා ගත් තරමටය. කිලිටි සිතුවිලි තම සිතෙහි හටගත් විට ඒවා හඳුනාගෙන මැඩපවත්වා ගැනීමට උත්සාහවන්ත වීම පුද්ගල වගකීම වේ. මෙය සිදු කළ හැකි එකම ආකාරය නිවැරැදි සිහියෙන් සහ දැනුවත් බවින් යුතුව සියලු කටයුතු ක්‍රියාත්මක කිරීමය.
පෘථග්ජනයන් වශයෙන් අප සිතෙහි නිරන්තරයෙන්ම පාහේ බලපවත්නේ ලෝභ, ද්වේෂ සහ මෝහ මුල් කරගත් අකුසල් සිතුවිලිය. සන්තානගත මෙම කිලිටි සිතුවිලි යටපත් කර ගත හැකි වන්නේ පුණ්‍ය ක්‍රියාවන්හි නිරතවන තරමටය. දාන, සීල සහ භාවනා යනාදි යහපත් ක්‍රියාවන්හි යෙදීම බෞද්ධයාගේ සිරිතය. මෙවැනි අවස්ථාවලදී අකුසල මූලයන් යටපත් වීම උපමාවකින් මෙසේ දැක්විය හැකිය.
ජල බඳුනක රබර් බෝලයක් ගිල්වන්නට උත්සාහ කරන්නේ යැයි සිතමු. එවිට එම බෝලය ජලය මතුපිටට නැවත පැමිණෙනු දැකිය හැකිවනු ඇත. මෙපරිද්දෙන්ම පුණ්‍ය ක්‍රියාව සිදුකරන මොහොතේ යටපත් වුවද ඊළඟ මොහොතේ දී එම අකුසල් සිතුවිලි නැවත මතු වේ.
අප සිතෙහි සාමාන්‍ය ස්වභාව මෙයයි. එබැවින් ක්‍රමයෙන් යහපතට නැඹුරු කරගත් සිත කුසලයෙන් වඩාත් පෝෂණය කර ගැනීම මීළඟ පියවර වේ.
මේ සඳහා ඉහත දැක්වු පරිදි බුදු දහමෙහි ඉගැන්වෙන දාන, සීල සහ භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් ද ඇතුළත්ව පින් දීම, පින් අනුමෝදන් වීම , වත් පිළිවෙත්හි යෙදීම, පිදිය යුත්තන් පිදීම, ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා පැවැත්වීම, ධර්ම ශ්‍රවණය, තම දෘෂ්ටිය සෘජු කරගැනීම, එනම් නිවැරැදි දැකීම දියුණු තියුණු කර ගැනීම යනුවෙන් දැක්වෙන දස පුණ්‍ය ක්‍රියාවන්හි නියැලීමට උත්සාහවන්ත විය යුතුය. එවිට සිතෙහි ත්‍යාගශීලීභාව, මෛත්‍රිය සහ ප්‍රඥාව මූලික කරගත් කුසල් සිතුවිලි ජනිත වනු ඇත.
අකුසලය පිටු දැක කුසලය රෝපණය හෙවත් වර්ධනය කර ගැනීම මෙලෙස උපමාවකින් පෙන්විය හැකිය. කෙතක සරු බීජ වැපුරූ කල්හි ඉන් සරු අස්වැන්නක් ලැබේ. නිසරු බීජ වැපුරුවොත් ලැබෙන අස්වැන්න ද නිසරු වේ. එනම් කුසලය නමැති බීජය සිතෙහි වගා කර ගැනීමට යුහුසුළු විය යුතුය.
අළුයම පිබිදීම ප්‍රසන්න, ප්‍රබෝධමත් ජීවිතයකට රුකුලකි. ආගම දහම සිහිපත් කර දවසේ කටයුතු ආරම්භ කිරීම ද සද්පුරුෂ ලක්‍ෂණයකි. කම්මැලිකමක් දැනුණු විගස එය තවදුරටත් පවතින්නට ඉඩ නොතැබිය යුතුය. මෙලෙස උත්සාහවන්තව ක්‍රියාකාරකම්හි යෙදීම දියුණුවේ මඟයි. මේ අතර තම සිතට වහල් නොවී ක්‍රියා කිරීමට පුද්ගලයා වග බලා ගතයුතුය. උදාහරණයක් වශයෙන් නොරිස්සුම, පිළිකුල, තරහ, කෝපය, වෛරය, පළිගැනීම සහ ඊර්ෂ්‍යාව වැනි ද්වේෂය මුල් කරගත් අකුසල් සිතුවිලි හටගත් විට ඒවා හඳුනාගෙන ඊට ප්‍රතිවිරුද්ධව මෛත්‍රිය පෙරමුණු කරගත් යහපත් සිතුවිලි සිතෙහි වඩා වර්ධනය කරගත යුතුය. මෛත්‍රිය යන්න මිතුරුකම, හිතවත්බව, සුහදබව යන අර්ථය ගෙන දෙයි. මේ අන්දමින් හදවත මෙත් සිසිලෙන් නැහැවෙන විට තමන්ගේ ක්‍රියා කලාපය ප්‍රියමනාප වන අතරම අන්‍යෝන්‍ය සමඟිය ද තහවුරු වේ.
ලෝක සත්වයා දුකින් වෙළී සිටින බව බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම්වලින් ප්‍රකට වන්නකි. තමන් වහන්සේගේ මංගල දම් දෙසුම, එනම් දම්සක් පැවතුම් සුතුරෙහිදී බුදුහිමියෝ චතුරාර්ය සත්‍යය ඉදිරිපත් කළහ. දුක්ඛ සත්‍ය හෙවත් පවත්නා වූ දුක, සමුදය සත්‍ය හෙවත් දුක හටගැනීමට හේතුව, නිරෝධ සත්‍ය හෙවත් දුක නැති කිරීම සහ මාර්ග සත්‍ය, එනම් දුක නැති කිරීමේ මාර්ගය යනුවෙන් එය දේශිතය.
මිනිසා ඇතුළු සත්වයාගේ ඉපදීම, දිරීම හෙවත් ජරාජීර්ණ වීම, ලෙඩ රෝගවලට බඳුන්වීම, මරණයට පත්වීම, අප්‍රියයන් හා එක්වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, කැමැති වූ දේ නොලැබීම සහ සංක්‍ෂිප්ත වශයෙන් අපගේ ඇස, කන, නාසය, දිව සහ ශරීරය යන ඉඳුරන් පහ ආදි මේ දෑ දුක් සහගත වේ. දුක හටගැනීමට හේතුව නම් තෘෂ්ණාව හෙවත් ආශාවය.
මෙය කතා ව්‍යවහාරයෙහි ‘බෙදා ගැනීම’ වෙනුවට ‘බදා ගැනීම’ ලෙස හැඳීන්වේ. තම ජීවිතයට ත්‍යාගශීලිත්වය නමැති ගුණාංගය ක්‍රමානුකූලව හුරු කර ගත යුතුය.
එනම් තමන් සන්තක යම් වස්තුවකට ඇති දැඩි ආශාව, බැඳීම හෙවත් ඇලීම දුරු කර එය වෙනත් කෙනකුට ප්‍රයෝජනය පිණිස දීමට ඇති හැකියාවයි. දීමනාව, පරිත්‍යාගය යනුවෙන් ද හඳුන්වන්නේ මෙයයි. දානය ලෙස බුදු දහමෙහි ඉගැන්වෙන මෙම ගුණාංගයෙහි ප්‍රභේද කිහිපයකි. ආමිස දානය, ධර්ම දානය සහ අභය දානය මින් ප්‍රධාන වේ. ආමිස දානය නම් ආහාරපාන, ඇඳුම් පැළඳුම්, නිවාස හෙවත් ඉඳුම් හිටුම් සහ බේත් හේත් යනාදිය දන්දීමයි. බුදුන් වදාළ ධර්මය, ලෝක සත්වයාගේ හිත සුව පිණිස දේශනා කිරීම, ධර්ම දේශනා කිරීමට පහසුකම් සැලැසීම, දහම් පොත පත බෙදාදීම ආදිය ධර්ම දානමය පින්කමට ඇතුළත්ය. ධර්ම දානය සියලු දානයන් අභිබවා සිටින බවද බුදුරජාණන් වහන්සේ වදාළ සේක.
අභය දානය යනු මරණයට කැපවි සිටින හෝ නියම වී සිටින, නැත්නම් අනතුරකට මුහුණ පා සිටින ඕනෑම සත්වයකු එම අවදානම් තත්ත්වයෙන් මුදා ගැනීම හෙවත් නිදහස් කිරීමයි. මෙවැනි දානාදී පින්කම්වල නිරත වෙමින් නිර්වාණගාමී වන්නේ නැණැති සද්පුරුෂයාම ය.
ආර්ය අෂ්ඨාංගික මාර්ගය, මධ්‍යම ප්‍රතිපදාව, සියලු දුකින් එතෙර විම උදෙසා අනුගමනය කළයුතු පිළිවෙතයි. මෙය තවදුරටත් සීල, සමාධි සහ ප්‍රඥා යන ත්‍රිශික්‍ෂාව ලෙසත් බෙදා දක්වා ඇත.
නිවැරැදි වචන කතා කිරීම, නිවැරැදි ක්‍රියාවෙහි යෙදීම සහ නිවැරැදි ජීවිකාවක් පැවැත්වීම යන අංග සීලයට අයත් වේ. නිවැරැදි උත්සාහය නිවැරැදි සිහිය සහ නිවැරදි සමාධිය හෙවත් එකඟබව, සමාධිය යටතේ ගැනේ.
නිවැරැදි දැකීම සහ නිවැරැදි සංකල්පය ප්‍රඥාවට ඇතුළත් වේ. බුදු දහමෙහි ඉගැන්වෙන භාවනාව යනු සිත එක්තරා යහපත් අරමුණක පවත්වා ගැනීම තුළින් ලබන්නා වූ චිත්ත ඒකාග්‍රතාවයෙන් සිත දියුණු කරගැනීමයි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණය මෙනෙහි කරමින් විදර්ශනා භාවනාවෙහි යෙදීමෙන් සියලු කෙලෙසුන්ගෙන් අත්මිදීමයි. මෙලෙස භාවනාවෙන් ප්‍රගුණ වූ සිතින් ලෝකයේ යථා ස්වභාව එනම් ඇත්ත ඇති සැටියෙන් දැක ගැනීමට හැකියාව උදා වේ.
ඇත්ත වූ කලී පවත්නා සැම දෙයකම ඇති අනිත්‍ය හෙවත් විනාශයට පත් වී යන ස්වභාවයයි. මෙලෙස සියල්ලෙහි යථා ස්වභාවය වැටහෙන්නේ, සියලු කෙලෙසුන් නසා ධර්මාවබෝධය ලබන්නේ වෙයි.
සිත සංවර කර ගැනීමෙහි වටිනාකම ධම්මපදයේ එන ගාථාවකින් මෙලෙස පැහැදිලි කෙරේ.
එනම් මවක, පියකු හෝ වෙනත් ඥාතියකු නැත්නම් හිතවතකු තමන්ට කර දෙන උපකාරයටත් වඩා උපකාරයක් යහපත්ව පවත්වා ගත් සිතකින් අත්පත් කර ගතහැකිවන බවය. සාර්ථකත්වය උදෙසා ‘අත්ත දීපා විහරථ’ යන බුදු වදනට අනුව තමාට තමා ආලෝකයක් වෙමින් ජීවත් විය යුතු බව අවබෝධ කරගන්න.
.........................................................................................................................................................
What People are Saying
What People are Saying
I just finished reading my report and I am experiencing something I've never had happen to me before. I am feeling calm...centered...what I feel would be best described as inner peace. Honestly, the Past Life Reading exceeded my expectations! It answered so many questions for me...questions that I would never voice out loud and reassured me of my self-doubts. I found this reading to be quite unique and special! I laughed...I cried...and I feel validated. Please get this reading for yourself...in order to take care of you!
-- Elana,USSR
Let me start by saying thank you for this spectacular reading. I found it quite useful in my every day dealings with others etc. Everything now, has greater meaning than before I had this reading done. I must say I was skeptical at first, however, for the money, it was worth every cent! I would also like to venture further into my past lives, and find out just who I was in each of my past lives! Again, thank you Lakshmi Astrology.com for this reading, I will make reference to it from time to time.
-- Kapila Verma, Canada
Impressive! This is probably the single most helpful and inspirational astrological reading I have ever had. And I have had many. It really hit right on when it comes to my inner feelings and drives and confirmed what I have long felt but not expressed. For the first time in years I now see a clear path for my living, growth and expression.
-- Paul Daniel , United States